Ultimate magazine theme for WordPress.

ෂාමි ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ADVERTISEMENT

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරග තුනම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී පන්දුවක් අතක වැදීමෙන් සිදු වූ ආබාධය හේතුවෙන්.

ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිටියදී පැට් කමින්ස් යොමු කළ පන්දුවක් දකුණු අතෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

සිය බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් නායක විරාට් කෝලි ද ඉදිරි ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වනදා මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment