Ultimate magazine theme for WordPress.

ශෝර්ට් තෙවැනි තරගයෙන් ඉවතට – මැක්ඩමට්ට කැදවීමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු පිතිකරු මැතිව් ශෝර්ට් හට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට ක්වීන්ස්ලන්ත පිතිකරුවෙකු වන බෙන් මැක්ඩමට් සංචිතයට ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කොදෙව්වන්ට එරෙහිව සිඩ්නි හී දී පැවැති දෙවැනි එක්දින තරගයේ දී මැතිව්ස් ශෝර්ට් අදාළ ආබාධයට මුහුණ දුන්නා.

ඔහු එම තරගයේ දී ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, පන්දුවට පහර දෙමින් සිටියදී මුහුණ දුන් ආබාධය නිසා පන්දු රැකීමට පැමිණීමට ද ඔහුට හැකි වූයේ නැහැ.

වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ද තෙවැනි එක්දින තරගය සදහා වන සංචිතයට ඇතුළත් නොවන අතර, ස්පෙන්සර් ජොන්සන් සංචිතයට කැදවා තිබෙනවා.

පළමු තරගයේ දී එක්දින වරම් දිනා ගනිමින් ඉහළ දක්ෂතා දැක් වුවද, දෙවැනි තරගයෙන් විවේක ගැන් වූ Xavier Bartlett තෙවැනි තරගයේ දී යළි කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (6) කැන්බරා හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

Leave a comment