ශූරයින්ගේ කුසලානය යළිත්; 2024 – 2031 දක්වා සෑම වසරකම ICC තරගාවලියක්

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලි අද(1) නිල වශයෙන් නිවේදනය කෙරුණා.
ඒ අනුව 2025 හා 2029 වසරවලදී යළිත් වරක් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ.
ඒ සදහා රටවල් 8ක් එක් වීමට නියමිත අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරග 2025, 2027, 2029 සහ 2031 යන වසරවලදී ද පැවැත්වීමට නියමිතයි.
මේ අතර, 2027 සහ 2031 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි සදහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ද 14ක් දක්වා ඉහළ නැංවීමටයි අද පැවැති අයි.සී.සී රැස්වීමකදී තීරණය කෙරුණේ.
ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වන තරග සංඛ්‍යාව 54ක් බව අයි.සී.සීය සදහන් කළා.
20යි 20 ලෝක කුසලාන තරගාවලි ද වසර දෙකකට වරක් පැවැත්වීමට යළි තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2024, 2026, 2028 සහ 2030 යන වසරවලදී 20යි 20 ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන අතර, ඒ සදහා රටවල් 20ක් එක්වීමට නියමිතයි.
රටවල් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමග පැවැත්වෙන තරග සංඛ්‍යාව ද 55ක් දක්වා ඉහළ යනු ඇති.