ශ්‍රී ලංකා 20යි 20 නායකත්වය දසුන්ට

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කර ඇති බව වාර්තා වනවා.
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ඔහු කණ්ඩායම මෙහෙය වීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා.
කෙසේ වෙතත්, වාර්තාවන ආකාරයට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ඔහුට පැවරී ඇති බව සදහන්.
ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කළ නමුත්, එළඹෙන කොදෙව් තරග සංචාරයට ඔහු එක් නොවනු ඇති.
කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මීට පෙර දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක ද නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස ජය වාර්තා කළා.
නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කළ අතර, එහිදී ද සැලකිය යුතු දක්ෂතාවයක් දසුන් ශානක සහ ඔහුගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පෙන්නුම් කරනු දක්නට ලැබුණා.
Congratulations to Sri Lanka’s new T20 skipper. Dasun Shanaka will lead the side in the Caribbean and he’s expected to keep the job for the World Cup. pic.twitter.com/zbt6EO2quF
— Rex Clementine (@RexClementine) February 20, 2021