Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරු බංග්ලාදේශයට

ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු සහ ඩර්හැම් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ ජෝන් ලුවිස් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර ඇති බව අද(5) තහවුරු කෙරුණා.

ඔහු එළඹෙන 7 වනදා ඩකා නුවරට ළගා වීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අරමුණු කර ගනිමින්.

ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින තරග 3කින් යුත් කොදෙව් පිලේ බංග්ලාදේශ තරග සංචාරය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ලබන 10 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

 

Leave a comment