Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ තරග නිළධාරීන් නිවේදනය කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වන තරග නිළධාරීන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(11) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලියේ තරග තීරකවරයා ලෙස අයි.සී.සී ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා විනිසුරුවරුන් පස් දෙනෙකු පත් කර තිබෙනවා.

එනම්, කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්.

තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය එළඹෙන 16 වැනිදා ද, දෙවැනි තරගය එළඹෙන 18 වැනිදා ද , තෙවැනි තරගය එළඹෙන 21 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment