ශ්‍රී ලංකා සංචාරය සදහා ඉන්දීය සංචිතය නම් කෙරේ; නායකත්වය ධවාන්ට

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් රැසක් එංගලන්ත සංචාරයක නිරතව සිටින බැවින් මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශිකර් දවාන්ටයි පැවරී ඇත්තේ.
උප නායකයා ලෙස බුවනේෂ්වර් කුමාර් පත් කර තිබෙනවා.
ආබාධයකට ලක්ව සිටි ෂ්රෙයස් අයියර් මෙම සංචිතයට නම් කර නැහැ.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
India’s squad:
Shikhar Dhawan (Captain), Prithvi Shaw, Devdutt Padikkal, Ruturaj Gaikwad, Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya, Nitish Rana, Ishan Kishan (Wicket-keeper), Sanju Samson (Wicket-keeper), Yuzvendra Chahal, Rahul Chahar, K Gowtham, Krunal Pandya, Kuldeep Yadav, Varun Chakravarthy, Bhuvneshwar Kumar (Vice-captain), Deepak Chahar, Navdeep Saini, Chetan Sakariya
Net Bowlers:
Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh