Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා සංචාරය අවලංගු වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය කියයි

වර්තමානයේ පවතින තත්ත්වය සැලකීමේ දී එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීමට නොහැකි වනු ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

IANS පුවත් සේවය වෙත අදහස් දක්වමින් එරට ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියකෙු සදහන් කර ඇත්තේ තරගාවලිය සදහා යම් කාලයක් තවත් පැවතිය ද ජූලි මාසයේ දී ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකා සංචාරයක නිරත වීම සදහා අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.

“මම කියන්නේ දැනට ඒක කරන්න බැරි දෙයකටයි ආසන්න වෙලා තියෙන්නේ. පළමුවෙන්ම අපි වත්මන් තත්ත්වයෙන් වරකට එක් පියවරක් තියන්න ඕනෙ. ඔබට තේරෙනවා අපේ සමහර ක්‍රීඩකයින් මුම්බායිවල සහ බැංගලෝර්වල හිර වෙලා ඉන්නේ. ඒ ප්‍රදේශ වසංගයෙන් දැඩිව බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශ දෙකක්. ඉන්දීය කණ්ඩායම විරාට් කෝලි, රෝහිට් ෂර්මා වැනි ක්‍රීඩකයින් නැතුව සංචාරයට යනව ද කියන ප්‍රශ්නෙ සලකා නොබැලුවත්, මම අහන්නේ ජාත්‍යන්තර සංචාර සදහා අවසර ලැබේද? ඉතිං අපිට සිද්ධ වෙනව ඉවසන්න සහ බලාගෙන ඉන්න කොහොමද කියලා මේ දෙවල් වෙනස්වෙන්නේ.”

යනුවෙන් එම උසස් නිළධාරියා සදහන් කළා.

තරගාවලිය නිසි පරිදි පැවැත්වීමට නොහැකි වුවහොත් දෙපාර්ශයටම ක්‍රීඩා කළ හැකි වෙනත් පසු දිනකදී මෙම තරග සංචාරය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

“වර්තමානය දෙස බලන විට ආරක්ෂාවට තමයි ප්‍රමුඛතාවය හිමිවෙන්නේ. ඒ වගේම අවධානම් කලාපයක සිට අවධානම් නොමැති කලාපයකට ක්‍රීඩකයින් රැගෙන යන්නත් මේ අවස්ථාවේ අවසර ලැබෙන්නේ නැහැ. ඉතිං රජය ඒ සදහා ඉදිරියේ දී අවසර ලබා දුන්නොත් අපිට සිද්ධ වෙනව බලන්න මොකද සිද්ධ වෙන්නේ කියල. පළමුව දේශීය ක්‍රිකට් ආරම්භ කරන්න පුලුවන් වෙයි. දේශිය ක්‍රිකට් තමයි මේ අවස්ථාවේ අපිට පළමුවෙන් කළ හැකි දේ.”

ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 බැගින් යුත් එක්දින සහ 20යි 20 තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එම තරග සංචාරය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව පැවැත්විය හැකි බවට පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් සදහන් කළේ තරග සංචාරය සදහා ඉන්දියාව කැමැත්තෙන් පසු වන බවයි.

“සියල්ල තීරණය වන්නේ රට වසා දැමීමට ගෙන ඇති තීරණයට අදාළ සහ සංචරන සීමාවන්ට අදාළව රජය විසින් නිකුත් කරන නියෝග මතයි. අපේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානමක් නොමැති නම් අපි සංචාරය (ශ්‍රී ලංකාවේ) කරන්න සූදානම්”

Leave a comment