Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජාතික කණ්ඩායම අතර 20යි 20 තරගයක්

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා.

කෝවිඩ් අරමුදලට ආධාර ලබා ගැනීම අරමුණු කර ගනිමින් මෙම තරගය පැවැත්වීමට කටයුතු කරන බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව සදහන්.

මෙම 20යි 20 තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයන් යම් ප්‍රමාණයකට ද (50%කට පමණ) අවස්ථාව ලබා දීමටයි අවධානය යොමුව ඇත්තේ.

අදාළ තරගය එලඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

Leave a comment