Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට

උපුල් තරංගගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් Road Safety World Series තරගාවලිය යටතේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 42ක පහසු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

රායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

උපුල් තරංග පන්දු 47කින් නොදැවී ලකුණු 99ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් සමගින්.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 33ක් සහ චාමර සිල්වා ලකුණු 24ක් ලබා ගත් අතර, සනත් ජයසූරිය ලකුණු 4ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

නසිමුදින් ලකුණු 54යි.

පන්දු යැවීමේ දී තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 3ක් බිද හෙලූ අතර, ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ඩිල්ෂාන් විසින් සුපිරි උඩ පන්දුවක් ද රැක ගත් අතර, එය මේ වන විටත් බොහෝ දෙනෙකුගෙන් අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

මෙම ජයත් සමගින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ‍පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියමින්.

Leave a comment