Ultimate magazine theme for WordPress.

“ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ගොඩක් කැපවීමෙන් පුහුණුවීම් කරනවා” ජොන්ටි රෝඩ්ස්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් සිදු කරන බව දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ජොන්ටි රෝඩ්ස් පවසනවා.

Road Safety World Series තරගාවලියේ ඊයේ(15) පැවැති තරගයෙන් අනතුරුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ, අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හොදින් දක්ෂතා දක්වන බවත්, සෑම අවස්ථාවකම ඉතා කැපවීමෙන් ඔවුන් පුහුණුවීම් සිදු කරන බවත් ජොන්ටි එහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙවර තරගාවලියේ දී කැපී පෙනන දක්ෂතා දක්වමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දී ඇති බවත්, වැදගත් කඩුලු කිහිපයක් දවා ගතහොත් සෙසු ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කිරීමට හැකි වනු ඇති බවත් ඔහුගේ අදහසයි.(දර්ශන පහතින්)

දෙවැනි අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව සහ තෙවැනි ස්ථාන හිමි කර ගත් දකුණු අප්‍රිකාව අතර එළඹෙන 19 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment