Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පූර්ව ගැටුම දකුණු අප්‍රිකාවට එරෙහිව

Road Safety World Series තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන 17 වනදා ආරම්භ වනවා.

පළමු අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම සහ සිව්වන ස්ථානයේ පසුවන කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

දෙවැනි අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් අතර එළඹෙන 19 වනදා පැවැත්වෙනු ඇති.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන බව කියන ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න මෙතෙක් තීරණය වී නැහැ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි තරග කිරීමට නියමිතව ඇත්තේ.

තරගාවලියේ අවසන් තරගය ලබන 21 වනදා රායිපූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment