Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පුහුණු තරගය කල් දැමේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර අද(20) ආරම්භ වීමට නියමිතව තිබූ තෙදින පුහුණු ක්‍රිකට් තරගය කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

Benoni හී දි මෙම පුහුණු තරගය පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතයත් සමග ඇතිව තිබෙන විවිධ තත්ත්වයන් හේතුවෙන් මෙන්ම, නිරෝධායන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක් මත මෙම තරගය කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු පුහුණු තරගයක් ක්‍රීඩා නොකර ලබන 26 වනදා දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා නම් කෙරුණු දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද පසුගිය දා අණාවරණය වුණා.

Leave a comment