ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන අද(27) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා ආරම්භ වන්නේ සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී යි.
දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.
මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
අදාළ තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම ද 20යි 20 තරග 3කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීම සදහා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වනවා.
ඊට අදාළ තරග කාලසටහන ද අද ප්‍රකාශයට පත් කෙරුණා.
ලබන පෙබරවාරි මාසයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කිරීම සදහායි.
මේ අතර, මෙම සතිඅන්තයේ දී ආරක්ෂක නියෝජිතයින් පිරිසක් පාකිස්තානයට යැවීමට ද දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ලබන වසර මුලදී පාකිස්තාන තරග සංචාරයක නිරත වීමේ අරමුණින්.
දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් වරට පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී ඇත්තේ 2007 වසරේ දී යි.
එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහි තරග කාලසටහන –
England men’s Tour to South Africa –
27 November at 18:00 SAST: 1st KFC T20I, Cape Town
29 November at 14:30 SAST: 2nd KFC T20I, Paarl
01 December at 18:00 SAST: 3rd KFC T20I, Cape Town
04 December at 13:00 SAST: 1st Betway ODI, Cape Town
06 December at 10:00 SAST: 2nd Betway ODI, Paarl
09 December at 13:00 SAST: 3rd Betway ODI, Cape Town
Sri Lanka men’s Tour to South Africa
26-30 December 2020 at 10:00 SAST: 1st Betway Test match (WTC), Centurion
03-07 January 2021 at 10:00 SAST: 2nd Betway Test match (WTC), Johannesburg