Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා තරගයේ දී වූ ආබාධයක් නිසා එංගලන්ත සංචිතයට වෙනසක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිමාල් මිල්ස්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළා.

ඒ, ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඊයේ රාත්‍රියේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබූ අතර, එම වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රැදී සිටි රීස් ටොප්ලි, ටිමාල් මිල්ස් වෙනුවට ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

 

Leave a comment