Ultimate magazine theme for WordPress.

මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙණ දකුණු අප්‍රිකා තරග සංචාරය අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මුහුණ දුන් දකුණු පාදයේ ආබාධය හේතුවෙන්.

ආබාධය හේතුවෙන් මැතිව්ස්ට ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී යැවිය හැකි වූයේ පන්දුවාර 3.1ක් පමණයි.

අනතුරුව පන්දු රැකීමෙන් ද ඔහු ඉවත් වුණා.

මේ අතර, එල්.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ ඕෂද ප්‍රනාන්දුට ද පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි බව සදහන්.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 17 වනදා දිවයිනෙන් පිටව යන අතර, පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment