ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග නිළධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(19) නිවේදනය කළා.
ඒ අනුව තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ල මහතායි.
විනිසුරුවන් ලෙස පස් දෙනෙකු පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවීන ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන් ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ විනිසුරු කමිටුවට ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අනිද්දා (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.