Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹිය හැකි සියලු ආකාරයන් නිවේදනය කෙරේ

‍බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය අනිද්දා (21) ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගනයේ දී යි.

මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

තරගාවලියේ විකාශන කටයුතු සිදු වන ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(19) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත TV නාලිකාවටයි.

සජීවී ගුවන් විදුලි විස්තර විචාරය ගෙන ඒමේ අයිතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

තරගාවලිය නැරඹිය හැකි (ලොව පුරා) සියලු ආකාරයන් පහතින් –

Sri Lanka vs West Indies Test Series 2021 : Broadcasting Platforms –

  • Sri Lanka: TV – Siyatha TV
    Radio – SLBC
    Sri Lanka (Pay): Dialog & IPTV – SLT
    Sri Lanka: YouTube Livestreaming: SLC YouTube Channel
  • India: Sony Six + Sony Liv
  • Rest of sub-continent minus Pakistan: Ten Cricket + Sony Liv
  • US: Willow TV (TV & digital)
  • Africa & Sub-Saharan Africa: SuperSport (TV & digital)
  • Middle East: Set Max + Sony Liv
  • UK: HUM MASALA.
  • Bangladesh: T Sports (TV & digital)
  • Caribbean – Columbus communications (Flow television) (TV & Digital)
Leave a comment