Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා පිලේ වගකීම හිටපු ටෙස්ට් ක්‍රීඩකයාට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලංකා ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

මෙම වසර අවසානය දක්වා ඔහු එම ධූරයේ වැඩ බලනු ඇති.

මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතා වෙනුවටයි ඔහු වැඩබලන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ.

හර්ෂ ද සිල්වා 2018 වසරේ අගෝස්තු මාසයේ දී අදාළ ධූරයට පත් කෙරුණේ වසර දෙකක කාලයක් සදහායි.

කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා දැක් වූයේ නැහැ.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 19ම ඔවුන් පරාජයට පත්ව තිබුණා.

 

Leave a comment