Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මහනුවරට පිටත්ව යයි

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 24 දෙනෙකු සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර ඇති දෙවැනි නේවාසික පුහුණු කදවුරට එක් වීමට අදාළ ක්‍රීඩකයින් අද(22) මහනුවර බලා පිටත්ව ගියා.

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි සදහා දැඩි ලෙස අවනත වෙමින් හෙට සිට මෙම පුහුණු කදවුර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අද පෙරවරුවේ දී සෞඛ්‍ය බළධාරීන් විසින් ක්‍රීඩකයින් සදහා සෞඛ්‍ය උපදෙස් ලබා දීම ද සිදු කළා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී යි.

දින 10ක් පැවැත්වෙන පුහුණු කදවුර සදහා පුහුණු සහ සහය කාර්ය මණ්ඩල නිළධාරීන් 6 දෙනෙකු ද එක් වීමට නියමිතයි.

මීට පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු සදහා ද ජූනි පළමු වැනිදා සිට දින 12ක නේවාසික පුහුණු කදවුරක් පැවැත්වුණා.

හෙට සිට පුහුණු කදවුරට එක්වන ක්‍රීඩකයින් –

Dimuth Karunaratne, Dinesh Chandimal, Lahiru Thirimanne, Angelo Mathews, Thisara Perera, Danushka Gunatilaka, Kusal Janith Perera, Dilruwan Perera, Suranga Lakmal, Dhananjaya De Silva, Niroshan Dickwella, Dasun Shanaka, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara, Nuwan Pradeep, Isuru Udana, Wanindu Hasaranaga, Lakshan Sandakan, Lasith Embuldeniya, Oshada Fernando, Avishka Fernando, Kusal Mendis, Bhanuka Rajapaksa

photo : slc
Leave a comment