Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට CPL ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමේ තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සදහා මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ දසුන් ශානක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් අදාළ තරගාවලියට එක්වීම සදහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමේ සැලසුම හේතුවෙන් ඊට අවසර ලබා දී නොමැති බව සදහන්.

මෙවර සී.පී.එල් තරගාවලිය ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර, ඒ සදහා පැවැති ක්‍රීඩකයින් තොරා ගැනීමේ අවස්ථාවේ දී (draft) කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය කණ්ඩායමට ලබා ගැනීමට අවධානය යොමු කර ඇත්තේ ඇතැම් විදෙස් ක්‍රීඩකයින් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන්.

Leave a comment