ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්.
එහි සෙසු සාමාජිකයින් වන්නේ රොමේෂ් කලුවිතාරන, හේමන්ත වික්‍රමරත්න, වරුන වරාගොඩ, එස්.එච්.යූ කර්නයින් සහ තිලකා නිල්මිණී ගුණරත්න යන අයයි.
තේරීම් කමිටුව සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි මෙම නව තේරීම් කමිටුව පත් කර ඇත්තේ.