ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම T 20 තරගාවලිය ඕස්ට්‍රේලියාව සමග තින්දුවෙයි

2021-22 තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන ඔස්ට්‍රේලියාව විසින් අද(19) නිවේදනය කළා.
එම තරග වාරයට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරග 5ක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.
එංගලන්තය, ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය සහ නවසීලන්තය ද එම තරග වාරයේ දී එරට සංචාරය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 11 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම තරගාවලියේ තරග සිඩ්නි, බ්‍රිස්බේන්, ගෝල් කොස්ට්, ඇඩිලේඩ් සහ මෙල්බර්න් හී දී පැවැත්වෙන බවයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ඉතිහාසයේ ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරගාවලිය පත් වනු ඇති.
මීට පෙර ශ්‍රී ලංකාව තරග 5කින් යුත් කිසිදු 20යි 20 තරගාවලියක් සදහා ක්‍රීඩා කර නැහැ.
එළඹෙන ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය ද තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සදහන් කර තිබුණ ද පසුව වාර්තා වූයේ එය තරග 3කින් යුත් තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි.
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග කාලසටහන :
Feb 11: 1st T20, SCG
Feb 13: 2nd T20, The Gabba
Feb 15: 3rd T20, Metricon Stadium
Feb 18: 4th T20, Adelaide Oval
Feb 20: 5th T20, MCG