Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා එක්දින ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට, ශාරීරික යෝග්‍යතා කළමණාකරුට කොරෝනා

ශ්‍රී ලංකා එක්දන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශාරීරික යෝග්‍යතා කාර්ය සාධන කළමණාකරු වන ග්‍රාන්ට් ලුඩන්ට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබීම හේතුවෙන්.

ඔහු සමග කටයුතු කළ ක්‍රීඩකයින්ට මෙලෙස නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලැබී ඇති බව සදහන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ කාන්තා සේවිකාවකට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

PCR පරීක්ෂණ වෙත යොමු වන ලෙසට ඇයගේ සමීප ආශ්‍රිතයින් වෙත ද උපෙදස් ලබා දී ඇති බව සදහන්.

Leave a comment