ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට
![](https://www.hitwicket.lk/wp-content/uploads/2022/01/sri-lanka-won-the-eries.jpg)
අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවැනි එක්දින තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි.
ශ්‍රී ලංකාව මේ වන විට සුපර් ලීගය යටතේ තරග 18කට ක්‍රීඩා කර ඉන් තරග 6ක් ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 62ක්.
එංගලන්තය (ප්‍රසාද ලකුණු 95) සුපර් ලීගයේ පළමු ස්ථානයේ ද, බංග්ලාදේශය (80) දෙවැනි ස්ථානයේ ද, අයර්ලන්තය (68) තෙවැනි ස්ථානයේ ද රැදී සිටිනවා.
ප්‍රසාද ලකුණු 60කට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.