ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ඉදිරියට

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයෙන් ලැබූ කඩුලු 5ක ජයග්‍රහනය හේතුවෙන්.
මේ වන විට ප්‍රසාද ලකුණු 52කට හිමිකම් කියන ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.
තරග 16කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 5ක් පමණක් ජය ගෙන තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 95කට හිමිකම් කියන එංගලන්තයයි.