Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ලකුණු 414ක් ඉදිරියෙන් – Lunch Report

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(2).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 172ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12කට දැවී ගියා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 66(78)ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින්.

ධනංජය ද සිල්වා ලකුණු 41කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 24යි.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 23ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 3ක් සහ මෙහිදි හසාන් මිරාස් කඩුලු 2ක් දවා ගත්තා.

අද දිනය ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 155 ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 414ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 251ක් පමණයිි.

Leave a comment