Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එංගලන්ත තරග සංචාරයක් – 20යි 20 ගැන අවසන් තීරණයක් නෑ

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූනි මාසයේ එංගලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ඊට එක්දින තරග 3ක් ඇතුළත්.

2021 ගිම්හාන සෘතුවේ දී ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ ජාත්‍යත්තර තරග වාරය ආරම්භ වන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහි එම තරගාවලියත් සමගයි.

පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම් හී දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි තරගය ජූලි පළමු වැනිදා ද, තෙවැනි තරගය 4 වනදා ද පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව සමග පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීම සදහා අවධානය යොමුව ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය ගනු ලබන තීන්දු අනුව එය තීරණය වනු ඇති.

කොරෝනා වංසගතයෙන් බලපෑම් එල්ලවී ඇති 2019/2021 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ජූනි මස මුලදී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව එංගලන්තය සහ පාකිස්තානය අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වෙන අතර, පසුව එංගලන්තය සහ ඉන්දියාව අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වෙනවා.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ගිම්හාන තරග වාරය ක්‍රීඩාංගන දෙකකදී පමණක් පැවැත්වීමට කටයුතු කෙරුණු නමුත්, ලබන වසරේ තරග වාරය ක්‍රීඩාංගන රැසකදීම පැවැත්වීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ වන විට නිවේදනය කර ඇති තරග කාලසටහන කොරෝනා වසංගතයේ අවිනිශ්චිතභාවය හේතුවෙන් සංශෝදනවලට ද ලක් විය හැකි බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

මෙම තරග කාලසටහනට තවත් අමතර තරගාවලි කිහිපයක් ද ඉදිරියේ දී එක්වීමට ඉඩ තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග කාලසටහන (තාවකාලික) –

England Men’s Royal London Series against Sri Lanka :

  • Tuesday 29 June, 1st ODI, Emirates Riverside Durham
  • Thursday 1 July, 2nd ODI, Kia Oval
  • Sunday 4 July, 3rd ODI, Bristol County Ground

England Men’s Series against Pakistan :

Royal London Series

  • Thursday 8 July, 1st ODI, Sophia Gardens, Cardiff
  • Saturday 10 July, 2nd ODI, Lord’s
  • Tuesday 13 July, 3rd ODI, Edgbaston

Vitality IT20 Series

  • Friday 16 July, 1st IT20, Trent Bridge
  • Sunday 18 July, 2nd IT20, Emerald Headingley
  • Tuesday 20 July, 3rd IT20, Emirates Old Trafford
  • England Men’s Test Series against India

Test series against India :

  • 4-8 August, 1st Test Match, Trent Bridge
  • 12-16 August, 2nd Test Match, Lord’s
  • 25-29 August, 3rd Test Match, Emerald Headingley
  • 2-6 Sept, 4th Test Match, Kia Oval
  • 10-14 Sept, 5th Test Match, Emirates Old Trafford
Leave a comment