Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය කල් දැමේ

2021 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

එම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ජූලි 3 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

එහිදී කණ්ඩායම් 3ක් 2021 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමටයි නියමිත වුණේ.

මීට අමතරව 2022 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යුරෝපීය කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ලබන ජූලි 24 වනදා සිට 30 වනදා දක්වා ඩෙන්මාර්කයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය ද කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

සුදුසු කාලවකවානුවක දී මෙම තරගාවලි දෙක ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කරන බවයි අයි.සී.සීය අද(12) නිවේදනය කළේ.

Leave a comment