Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 6ක් කොරෝනා අවධානමක

දකුණු අප්‍රිකාවේ පැවැති පළමු පෙළ තරගයක් ඊයේ(14) දිනයේ දී අත්හිටුවීමට පියවර ගැණුනා.

ඒ, තරගයට එක්ව සිටි ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

Titans සහ Dolphins කණ්ඩායම් අතර අදාළ සිව්දින තරගය පැවැති අතර, එම තරගයේ දෙවැනි දිනය ආරම්භයට පෙර තරගය අත්හිටුවීමටයි පියවර ගැණුනේ.

විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් දෙක සදහා එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත්ව සිටීමයි.

මීට පෙර කොරෝනා අර්බුදය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ද අතරමගදී අවලංගු කිරීමට කටයුතු කෙරුණා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ද පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු ඇති වූ නමුත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සිකුරාදා එරටට ළගා වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මේ වන විටත් දකුණු අප්‍රිකාවට පැමිණ ඇත්තේ තරගාවලියට පවතින සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබද සොයා බැලීම සදහායි.

Leave a comment