Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා සංචිත නම් කෙරේ, ඩී කොක් එක්දින තරගාවලියට නැහැ

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචාරය සදහා එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ද, 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ද නම් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ක්වෙන්ටන් ඩී කොක් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ලුන්ගි එන්ගිඩී පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති.

ඩේවිඩ් මිලර් 20යි 20 සංචිතයට නම් කර ඇතත්, ඔහු මේ වන විට ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඩ්වේයන් ප්‍රෙටෝරියස් සංචිත දෙක සදහාම කැදවා තිබෙනවා.

එමෙන්ම ජූනියර් ඩලා (Junior Dala) එක්දින සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සැප්තැම්බර් 2 ආරම්භ වන එක්දින හා 20යි 20 තරගාවලියන්හි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

SA’s ODI squad for SL tour:

Bavuma (c), Dala, B Hendricks, R Hendricks, Klaasen, Linde, J Malan, Maharaj, Markram, Mulder, Nortje, Phehlukwayo, D Pretorius, Rabada, Shamsi, Rassie van der Dussen, Verreynne, Lizaad Williams.

SA’s T20I squad for SL tour:

Bavuma (c), Quinton de Kock, Fortuin, B Hendricks, R Hendricks, Klaasen, Linde, Maharaj, Magala, Markram, Miller, Mulder, Ngidi, Nortje, D Pretorius, Rabada, Shamsi, Rassie van der Dussen, Williams.

Leave a comment