Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි දක්ෂතා හේතුවෙන් මෙහිදි ලෝකෙන්ම දෙකට

මුස්ටර්ෆිසුර් හා මුශ්ෆිකර් ද ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

පළමු තරගයේ දී ඔහු කඩුලු 4ක් දවා ගත් අතර, දෙවැනි තරගයේ බිද හෙලූ කඩුලු ගණන 3ක්.

මීට පෙර එක්දින ඉතිහාසයේ දී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන දෙක තුළට පැමිණීමට සමත්ව සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් වූයේ ශකිබ් අල් හසාන් සහ අබ්දුර් රසාක් පමණයි.

මේ අතර, බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ද ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ එක්දින තරග දෙකේ දී කඩුලු 3 බැගින් දවා ගත්තා.

මේ අතර, මැදපෙල පිතිකරු මුශ්ෆිකර් රහීම් අයි.සී.සී පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 14 වන ස්ථානයේ රැදී සිටිනවා.

මුශ්ෆිකර් පළමු එක්දින තරගයේ දී ලකුණු 84ක් සහ දෙවැනි තරගයේ දී ලකුණු 125ක් ලබා ගනිමින් එම තරග දෙක ජය ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායම වෙත සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

Leave a comment