Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය අද(12) ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

මෑතකදී බංග්ලාදේශ කණ්ඩායම තරග 2-0ක් ලෙස පරාජයට පත් කළ කොදෙව් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයේ ද ස්ථානය වෙන් කර ගැනීමට සමත්ව තිබෙනවා.

බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා නොකළ හිටපු නායක ජේසන් හෝල්ඩර් සහ ඩැරන් බ්‍රාවෝ මෙම සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙදින පුහුණු තරගය සදහා වන කොදෙව් ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ සංචිතය ද අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම පුහුණු තරගය එළඹෙන 17 වනදා ආරම්භ වනු ඇති.

පළමු ටෙස්ට් තරගය සදහා වන කොදෙව් සංචිතය :

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, Darren Bravo, John Campbell, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Kemar Roach, Jomel Warrican

CWI President’s XI Squad : Roston Chase (c), Darren Bravo, Shamarh Brooks, Shannon Gabriel, Jahmar Hamilton, Keon Harding, Kavem Hodge, Shai Hope, Kyle Mayers, Shayne Moseley, Veerasammy Permaul, Anderson Phillip, Kemar Roach

Leave a comment