Ultimate magazine theme for WordPress.

“අපි ක්‍රිකට් ගහන්න ඕනෙ ඒ විදිහටයි” – මහේල

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට ආවේනික වූ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටත් ක්‍රීඩා කළ යුතු බව හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ඒ, cricinfo වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට ආවේනික වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිට ශ්‍රී ලංකාව තරග නොකළ යුතු බව මහේලගේ අදහසයි.

මෙරටට අනන්‍ය වූ තරග ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත්, එය ශ්‍රී ලාංකිකයින්ගේ ලේ තුළම පවතින බවත්, මහේල ජයවර්ධන සදහන් කළා.

ටෙස්ට් තරග වුවද, එක්දින තරග වුවද, 20යි 20 තරග වුවද ශ්‍රී ලංකාවට ආවේනික වූ ක්‍රීඩා රටාව වෙනස් නොකළ යුතු බවයි ශ්‍රී ලංකා හිටපු නායකයා පෙන්වා දෙන්නේ.

Leave a comment