Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලැබූ පළමු තරග ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද(15) සමත් වුණා.

ඒ, ඉන්දියාවේ පැවැත්වෙන සිව්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී යි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව තරග කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 6 ක ජයක් වාර්තා කළා.

විසාකාපට්නම් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 95 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 15.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.(99/4)

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය පසුගිය 13 වැනිදා ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කාන්තා B කණ්ඩායමට එරෙහිව පැවැති අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 12 කින් පරාජයට පත් වුණා.

Show Comments (1)