Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් CPL තරගාවලියට

Barbados Royals (බාර්බඩෝස් රෝයල්ස්) කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එළඹෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම St Kitts & Nevis Patriots (ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස්) කණ්ඩායම විසින් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමග 2024 CPL අදියර වෙනුවෙන් ගිවිසුම්ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

තවද ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද ශාන්ත කිට්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

23 හැවිරිදි තීක්ෂණ මෙතෙක් කිසිදු CPL තරගයක් ක්‍රීඩා කර නැහැ. ඔහු මීට වසර දෙකකට පෙර Trinbago Knight Riders කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබූ නමුත්, තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඔහුට අවසර හිමි වූයේ නැහැ.

පසුගිය වසරේ දී ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වීම හේතුවෙන් තීක්ෂණට කැරිබියන් ප්‍රිමියර් ලීගය අහිමි වුණා.

මේ අතර, St Lucia Kings ( ශාන්ත ලුසියා කිංග්ස් ) කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ද සිය සංචිතයේ රදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

CPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (draft) ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

Barbados Royals squad: Rovman Powell, Jason Holder, David Miller, Quinton de Kock, Maheesh Theekshana, Alick Athanaze, Naveen-ul-Haq, Obed McCoy, Kevin Wickham, Keshav Maharaj, Rahkeem Cornwall, Nyeem Young, Rivaldo Clarke, Ramon Simmonds.

St Kitts & Nevis Patriots squad: Wanindu Hasaranga, Rilee Rossouw, Evin Lewis, Sherfane Rutherford, Sikandar Raza, Nuwan Thushara, Andre Fletcher, Tristan Stubbs, Dominic Drakes, Odean Smith, Joshua Da Silva, Ashmead Nedd, Johann Layne.

St Lucia Kings squad: Heinrich Klaasen, Faf du Plessis, Alzarri Joseph, Johnson Charles, Roston Chase, Noor Ahmad, David Wiese, Bhanuka Rajapaksa, Matthew Forde, Khary Pierre, Shadrack Descarte, McKenny Clarke

Leave a comment