Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලියට තරග නිළධාරීන් නම් කෙරේ

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තරග නිළධාරීන් නම් කර තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරග 3කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

තරගාවලියේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරන බවත්, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා නිටින් මැනන් යන මහත්වරුන් විනිසුරුවන් ලෙස කටුයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරග සංචාරය අරඹමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Match Referee
1) Ranjan Madugalle – ICC Chief Match Referee
Umpiring Panel
1) Nitin Menon – Member – Elite Panel of ICC Umpires
2) Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
3) Raveendra Wimalasiri – ICC International Panel of Umpires
4) Lyndon Hannibal – ICC International Panel of Umpire

Show Comments (1)