Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගයට ලද නොසිතූ ප්‍රතිපලය

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට අද (13) සිදු වුණා.

මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ අයර්ලන්තයට එරෙහිවයි.

ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගයට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 33ක ජයක් වාර්තා කළා.

අද දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නැමීබියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිවත්, ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment