ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කරයි
Match Report
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(4) සමත් වුණා.
ඒ, තරගාවලියේ 7 වැනි තරගයෙන් තායිලන්තය පරදා ලකුණු 49 ක ජයක් වාර්තා කරමින්.
බංග්ලාදේශයේ සිල්හෙට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 81 ක් ලබා ගත්තේ පන්දු 69 කින්. නිකල්ෂි ද සිල්වා නොදැවී ලකුණු 39 (21) යි.
පන්දු යැවීමේ දී Thipatcha Putthawong ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 107 ක් පමණයි.
Chanida Sutthiruang නොදැවී ලකුණු 37 ක් ද, Nannapat Koncharoenkai ලකුණු 25 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ලකුණු 19 කට කඩුලු 2ක් බිද හෙලූ අතර, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර හා කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.