Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට ; කණ්ඩායම් දෙක මෙන්න

‍මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග පැවැත්වෙන දෙවන දිනය අදයි(11).

අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එක්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය ඊයේ දිනයේ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත්, සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් තරගය අද දිනය දක්වා කල් දැමුණා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පුහුණු තරගය මෙල්බර්න් නුවර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින්.

ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis, Dhananjaya de Silva, Danushka Gunathilaka, Bhanuka Rajapaksa(w), Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Dilshan Madushanka

Zimbabwe XI :

Regis Chakabva(w), Craig Ervine(c), Wesley Madhevere, Sean Williams, Sikandar Raza, Milton Shumba, Ryan Burl, Tony Munyonga, Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava

Show Comments (1)