Ultimate magazine theme for WordPress.

ශහීන් ශාහ් ගැන පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

දණහිසක ආබාධයකට ලක්ව සිටි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි එංගලන්තයේ ලන්ඩන් නුවර දී සිය ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතු මේ වන විට නිමා කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හී දී පාකිස්තාන සංචිතය සමග එක්වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශහීන් ශාහ් අෆ්රිඩිට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට පෙර පාකිස්තානය ක්‍රීඩා කරන පුහුණු තරග සදහා ද ක්‍රීඩා කළ හැකි බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තානය එළඹෙන 17 වැනිදා එංගලන්තයට එරෙහිව ද, එළඹෙන 19 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව ද පුහුණු තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම පුහුණු තරගවලදී ඔහුගේ තරග සදහා ඇති ශාරීරික යෝග්‍යතාවය පිළිබද වැඩිදුරටත් කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් තක්සේරු කරනු ඇති.

20යි 20 ලෝක කුසලානය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Show Comments (1)