ශහිඩ් අෆ්රිඩි T 10 ලීග් තරගාවලියට

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි එළඹෙන අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට එකගතාවය පල කර තිබෙනවා.
ඒ අනුව කලැන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (icon player) ලෙස ඔහු තරගාවලියට එක් වන බවයි එම කණ්ඩායම සදහන් කළේ.
පසුගිය වසරේ දී ද ශහිඩ් අෆ්රිඩි අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙවැනි ආකාරයේම ගිවිසුමකට එළඹුනු නමුත් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් වත්මන් සහ හිටපු පාකිස්තාන ක්‍රීඩකයින්ට T 10 ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට පියවර ගත්තා.
ඒ, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද හේතුවෙන්.
ජනවාරි 28 වනදා ආරම්භ වන T 10 ලීග් තරගාවලිය සහ ජනවාරි 26 වනදා සිට ආරම්භ වන දකුණු අප්‍රිකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අතර ඝට්ටනයක් සිදු වන බැවින් දකුණු අප්‍රිකා තරගාවලියට ක්‍රීඩා නොකරන පාකිස්තාන ක්‍රීඩකයින්ට T 10 ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා මෙවර අවසර ලැබෙනු ඇති.
T 10 ලීග් තරගාවලියට එක්වන කලැන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන්නේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ඇතුළත් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන ෆාවඩ් රානාගේ සොහොයුරු සමීන් රානායි.