Ultimate magazine theme for WordPress.

ශඩාබ් ඛාන්ට දකුණු අප්‍රිකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි

ආබාධයකට ලක් වූ පාකිස්තාන පා දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට දකුණු අප්‍රිකා තරග සංචාරයේ ඉදිරි තරග සහ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය ද අහිමි වී තිබෙනවා.

නිමා වූ දෙවැනි එක්දින තරගයේ පිතිකරණයේ නිරත වෙමින් සිටියදීයි ඔහුගේ වම් පාදයේ ඇගිල්ලක් ආබාධයකට ලක් වුණේ.

ඒ හේතුවෙන් ඔහුට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට උපදෙස් ලැබී ඇති බව සදහන්.

මෙම වසර මුලදී ද ඔහු පාදයේ ආබාධයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් ශඩාබ් ඛාන්ට නවසීලන්ත ටෙස්ට් තරගාවලිය මෙන්ම පාකිස්තානයේ දී පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරග ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි නිමා වූ පළමු එක්දින තරග දෙකේදී ම ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි වුවද, පිතිකරණයේ දී පිළිවෙලින් ලකුණු 33ක් සහ 13ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.

Leave a comment