Ultimate magazine theme for WordPress.

ශකිබ් සහ මුස්ටෆිසුර්ට ප්‍රශ්නයක් – ශ්‍රී ලංකාවට එරෙහි මූලික බංග්ලාදේශ එක්දින සංචිතය මෙන්න

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට තීරණය කෙරුණත්, එම තරගාවලියට එක් වූ අදාළ ක්‍රීඩකයින් දෙදෙනාට බංග්ලාදේශයට පැමිණීමේ දී දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට සිදු වන බැවින්.

ඔවුන් දෙදෙනා සදහා නිරෝධායන කාලසීමාව ලිහිල් කර දෙන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එරට රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ සිට බංග්ලාදේශය වෙත කිසිදු ගුවන් ගමනක් ද සිදු නොවන බැවින්, ශකිබ් අල් හසාන් සහ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ඉදිරි පැය කිහිපයේ දී බංග්ලාදේශය වෙත ගෙන්වා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බව සදහන්.

ඔවුන් බංග්ලාදේශයට පැමිණීමෙන් පසුව දින 14 ක නිරෝධායක කාලයක් ගත කරනු ඇති.

කෙසේ වෙතත්, අවම සූදානමක් යටතේ වුව ද ශකිබ් සහ මුස්ටෆිසුර් බංග්ලාදේශ කණ්ඩායම සමග සම්බන්ධ වීම ඉතා වැදගත් බවයි බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ සදහන් කළේ

තරගාවලියේ කාලසටහන ද අද නිවේදනය කෙරුණු අතර, ඒ අනුව පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 23 වනදායි.

තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 23 දෙදෙනෙකුගෙන් යුත් මූලික බංග්ලාදේශ සංචිතය ද පසුගියදා නම් කෙරුණා.

Squad:

Tamim Iqbal, Naim Sheikh, Imrul Kayes, Litton Das, Soumya Sarkar, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Md Mithun, Mahmudullah, Afif Hossain, Mosaddek Hossain, Mahedi Hasan, Mehidy Hassan, Taijul Islam, Nasum Ahmed, Saifuddin, Mustafizur Rahman, Rubel Hossain, Taskin Ahmed, Hasan Mahmud, Shoriful Islam, Shohidul Islam

Leave a comment