Ultimate magazine theme for WordPress.

ශකිබ් ශ්‍රී ලංකාවට එයිද? බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සහ ශකිබ් මත ගැටුමක

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට එළඹෙන ඉන්දීය ප්‍රමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් යළි සළකා බැලීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලා ශකිබ් විසින් එරට ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් නිසි අයුරින් කියවීමකින් තොරව වැරැදි තොරතුරු සමාජගත කරන බවට ශකිබ් අල් හසාන් විසින් ප්‍රකාශ කිරීමත් සමගයි එරට ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියේ සියලු තරග සදහා ඔහු ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශකිබ් අල් හසාන්ට නොහැකි වන අතර, ඒ හේතුවෙන් ඊට අවසර ඉල්ලා ශකිබ් මීට පෙර එරට ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබුණා. ALSO READ : IPL නිසා ශකිබ් ශ්‍රී ලංකාවට එන්න බෑ කියයි

අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් මාධ්‍යට කියා සිටියේ “ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට උනන්දුවක් නොදක්වන අයෙකු ඒ සදහා පෙළඹවීමට උත්සාහ කිරීම තේරුමක් නැති නිසා අපි ඔහුට අවසර ලබා දුන්නා ” යනුවෙනි.

කෙසේ වෙතත්, ඔහු සිය ලිපිය නිසි පරිදි කියවා නොමැති බවත්, තමා ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට එක් නොවීමට අවසර ඉල්ලා සිටියේ එළඹෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට හොදින් සූදානම් වීමේ අරමුණින් බවත්, ශකිබ් අල් හසාන් පසුගියදා සදහන් කළා.

“මම ලිපියේ කොහෙවත් සදහන් කරල තිබුණේ නැහැ මට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැහැ කියලා. ලෝක කුසලානයට හොදින් සූදානම් වීම සදහා අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට මට අවශ්‍යයි කියන කරුණ තමයි මම ලිපියේ සදහන් කළේ” යනුවෙන් ශකිබ් කියා සිටියා.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් පැවසුවේ ශකිබ් අල් හසාන් උනන්දුවක් දක්වන්නේනම් ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරනු ඇති බවයි.

“මම ඔහුගේ ලිපිය කියවලා නැහැ කියලා ඔහු කියලා තියෙනවා. සමහරවිට මම ඔහුගේ ලිපිය වරදවා වටහා ගන්න ඇති. ඉදිරි දින කිහිපයේ දී ඔහුට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබද අපි සාකච්ඡා කරනවා. ඔහු උනන්දුවක් දක්වනවානම් ඔහු ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග ක්‍රීඩා කරයි”

Leave a comment