Ultimate magazine theme for WordPress.

ශකිබ්ට ඇමෙරිකාවෙන් ගිවිසුමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් (LAKR) කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස්, ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් (කාන්තා/පිරිමි) හා අබුඩාබි නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල ද හිමිකාරීත්වය දරන්නේ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

ලොස් ඇන්ජලීස් කණ්ඩායම මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ දී අවසන් ස්ථානය හිමි කර ගනිමින් තරගාවලිය නිමා කළා.

එම තරගාවලියට ක්‍රීඩා කළ සංචිතයට ඇතුළත්ව සිටි සුනිල් නරේන්, අන්ඩ්‍රි රසල්, ජේසන් රෝයි, ස්පෙන්සර් ජොන්සන්, අලී ඛාන්, සයිෆ් බඩර්, නිටිෂ් කුමාර්, Unmukt Chand හා Shadley van Schalkwyk යන ක්‍රීඩකයින් සිය සංචිතයේ රදවා ගැනීමට නයිට් රයිඩර්ස් කලමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

MLC තරගාවලියේ දෙවැනි අදියර ජූලි 5 වැනිදා සිට ජූලි 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. පළමු තරගය පැවැත්වෙන්නේ MI New York කණ්ඩායම හා Seattle Orcas කණ්ඩායම අතරයි.

Leave a comment