Ultimate magazine theme for WordPress.

ශකිබ්ගේ ක්‍රිකට් තහනමට වගකිව යුතු කණ්ඩායම් හිමිකරුටත් වසර දෙකක ක්‍රිකට් තහනමක්

2018 T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ සින්දි කණ්ඩායමේ හිමිකරුවෙකු වන දීපක් අගාර්වල්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර  තිබෙනවා.

ඉන් මාස හයක් අත්හිටුවීමට ද තීරණය කර ඇති බව සදහන්.

අයි.සී.සී දූෂන මර්දන පනත උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව එල්ල කෙරුණු චෝදනාවකට දීපක් අගාර්වල් වරද පිළිගැනීමත් සමගයි මෙම ක්‍රිකට් තහනම පනවා ඇත්තේ.

සාක්ෂි විනාශ කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

මෙම පුද්ගලයා පිළිබද තොරතුරු අණාවරනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ දී බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට ද වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවුණා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Leave a comment