Ultimate magazine theme for WordPress.

වෝනර් සහ එල්ගර් අභිබවා යමින් දිමුත් ලෝකෙන්ම එක වෙයි

පසුගිය වසර 5ක කාලය තුළ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ආරම්භක පිතිකරු බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පත්ව තිබෙනවා.

ඔහු එම කාලය තුළ ලකුණු 3,114ක් රැස් කර ගෙන ඇත්තේ ශතක 7ක් ද සමගින්.

ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 37.51ක් වශයෙන්.

ලකුණු 3,011ක් ලබා ගෙන ඇති දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඔහුගේ ඉනිමක සාමාන්‍ය 41.24ක් වන අතර, පසුගිය වසර 5ක කාලය තුළ වාර්තා කර ඇති ශතක ප්‍රමාණය 9ක්.

ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මෙම ලැයිස්තුවේ පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.

ඒ, ශතක 8ක් සමගින් ලකුණු 2,794ක් රැස් කරමින්.

ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ මෙම වසර පහක කාලය තුළ 45.80ක් ලෙසයි.

 

Leave a comment