Ultimate magazine theme for WordPress.

වෝනර් කණ්ඩායමෙනුත් ඉවතට – සන්රයිසස් නායකත්වය විලියම්සන්ට

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් කණ්ඩායමේ නායකත්වය දැරූ ඩේවිඩ් වෝනර් වෙනුවටයි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරග 6 තුළ ලබා ගත්තේ එක් ජයග්‍රහනයක් පමණයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද(2) පැවැත්වෙන තරගය සදහා වන හයිදරාබාද් කණ්ඩායමෙන් ද හිටපු නායක ඩේවිඩ් වෝනර් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a comment