Ultimate magazine theme for WordPress.

වෝනර්ට පළමු ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.

ආබාධය නිසා තෙවැනි එක්දින තරගය මෙන්ම 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වුණා.

කෙසේ වෙතත්, ලබන 26 වනදා මෙල්බර්න්හී දී ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගය (දෙවැනි ටෙස්ට් තරගය) සදහා ඔහුට ක්‍රීඩා කිරීම සදහා වැඩි අවස්ථාවක් පවතින බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි

Leave a comment